![]() |
||
![]() |
||
හැඳුනුම්පතක් සංහෝධනය කර දෙවන පිටපතක් ලබා ගැනීම
2014/09/01 දිනෙන් පසු නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් නිකුත් කිරීමේදී උප්පැන්න සහතිකයට අදාල තොරතුරු වල වෙනසක් සිදුවී නොමැති නම්, දැනට හාවිතා කරන හැඳුනුම්පත සමඟ නැවත උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. එහෙත් එවැනි තැනැත්තෙකු විසින් හැදුනුම්පතට තනතුර ඇතුළත් කිරීමට කරනු ලබන ඉල්ලීම් සදහා තනතුර සනාථ කිරීම සදහා අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කල යුතු වේ. එසේම, පුරවැසිභාවය, ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම, පැවිදි උපැවිදි වීම, විවාහ විම, ආදී වෙනස් වීම් සිදුව ඇත්නම් ඒ සඳහා අදාල ලේඛන ඉදිරිපත් කළ යුතුවේ. 2014/09/01 දිනට පෙර නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් නිකුත් කිරීමේදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.
|
||
පු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ/හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන වල ඡායා පිටපත් (ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය)
හෝ
වයස අවුරුදු 40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන
වෘත්තිය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන
හැඳුනුම්පත නිකුත් කිරීමේදී අවශ්‍ය අනෙකුත් ලේඛන
|